දයාබර ලක්වැසියනි,



ඔබට තිලින කරන මේ නැකැත් ශාස්ත‍්‍රය මීට වසර 200 කට පමණ පෙර තෙල්වත්තේ විසූ ”තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමිපානෝ” විසින් නිර්මාණය කළ මිලකර නොහැකි ඉතාම ප‍්‍රබල මූර්ත ක‍්‍රමයකි. ඔබ ලංකාවේ වාසය කරන්නේ නම් මෙය ප‍්‍රයෝජනයට ගත හැකි වේ. ඔබ කළයුත්තේ ඔබට අවශ්‍ය දිනය හා වේලාව අප පරිගණකයට ලබා දීම පමණයි. සැනෙකින් ඔබට උචිත වේලාව ඔබට දැනගත හැකි වේ. මෙම ක‍්‍රමයට ඔබගේ උපන්දිනය, නැකත හෝ පක්ෂියා අවශ්‍ය නොවේ.
Theory protected by : Siddhi Holdings(Pvt)Ltd.
Technology by : www.LakHandahana.Com

ඔබ බලාපොරොතු වන දිනය හා වේලාව ඇතුල් කරන්න ( only for Sri Lanka)





ඉදිරියේදී පිටරට වෙසෙන ඔබ සඳහාද අපගේ මෙම සුබ වේලාවල් ක‍්‍රමය වැඩි දියුණු කිරිමට අපි ඇපකැප වෙන්නෙමු.
මෙහිදී ඔබට පෙන්වන අවස්ථාවන් අතර,
  • රජ සම්පත් - ඉතාමත් උචිතය. ඉතා බල සම්පන්න වේලාවකි.
  • සම්පත් - බලසම්පන්න වේලාවකි.
  • නිදි - වැඩි බලයෙක් හෝ අගුණයක් නැති වේලාවකි.
  • මරණ - ඉතාමත් අගුණ වේලාවකි.පු`ඵවන් තරම් මගහැරීම උචිතය.

තමන්ට උචිත වේලාව තෝරගෙන එම වේලාවට පිටත්වන විට තම නාස් පුඩු දෙකෙන් හුස්ම වැටෙන පුඩුව තොරාගන්න. (මොනම හේතුවක් නිසාවත් එකවර නාස් පුඩු දෙකෙන්ම හුස්ම ගැනීම හෝ පිටකිරීම සිදු නොවේ.* එම වේලාවට හුස්ම වැටෙන නාස් පුඩුවට සමාන පාදය පෙරට තබා තම අධිෂ්ඨානය ඉෂ්ඨ වේවා යැයි සිතා පිටත් වන්න. මෙහි වටිනාකම අත්විඳින්න.

ඔබට තෙරුවන් සරණයි